"බලන්න මහත්තයා මේ විලිසංගේ නැති @#&$!#@&* ගෑණු නිසා අපේ සිංහල සංස්කෘතිය නැත්තටම නැතිවෙලා යන හැටි."
මම පොඩ්ඩක්
සැකයෙන් වටපිට බැලුවේ, මේ බණින්නේ ට්‍රැෆික් එකට නම් ට්‍රැෆික් නිසා සංස්කෘතිය නැතිවෙන හැටි
මට ඒ තරම් අයුරැවක් නැති වුනත්, සමහරවිට මේ බණින්නේ අහල
පහල ඉන්න ඇහැට කණට පේන දැරිවියකගේ නිරාවරණය වුනු රන්වන් පා යුග්මයක්වත් අංකල්ගේ
ඇහැ ගැටිලාදෝ කියලා සැක පහල වුනු නිසාමයි.
ඒ පාර
අංකල්ට මාත් එක්කත් මාරාවේශ වුනාද කොහේද. මට කෝපාග්නියට හේතුව අත දික්කරලම
පෙන්නුවා.
“අර පේනවද අර @#$! ගෑණි
විලිලැජ්ජාවක් නැතුව එළියේ දාගෙන ඉන්න ලස්සන. මම අහන්නේ මෙතන මගේ පොඩි එකෙක් එහෙම
හිටියනම් මම මොනවද ඌට දෙන උත්තර?”
අංකල් අත
අරින්නෙම නෑ. මම අංකල්ගේ ඇඟිල්ල දිගේ ඈත බැලුවා මොකක්ද මේ ජුගුප්සාජනක දර්ශනය
කියලා. අංකල් මේ බනින්නේ එහා පැත්තේ ෆිල්ම් හෝල් එකේ තිබුනු ලොකු කටවුට් එකක්
දැකලා. මොකක් හරි අවාරෙට පොල් වැටෙන ගාණට එලියට එන සිංහල චිත්‍රපටියක්. ඒකේ ලාංකීය
සිනමා අම්බරයේ දිදුළන තරැවක් වුනු සුන්දර
නිළියක් "එන්න ෆිල්ම් එක බලන්න" කියනවා වගේ පෝස් එකක ඉන්නවා.
හැබැයි
අංකල් කියන විදියට කෙල්ලගේ අඟ පසඟ මොකුත් නිරාවරණය වෙලා නැහැ. සාරියක් ඇඳන් ඉන්න
නිසා ඔබේ තීරය පෙනුනට මොකද, සාරිය අපේ ජාතික ඇඳුමනේ. හැබැයි ඉතින් සාරිය ඇඳලා තියෙන්නේ නම් ඉඟ සුඟ
කැපී පෙනෙන, රණ තිසරැ හුස්ම හිරවෙලා මැරෙන තාලෙට. නැතුව
ඉතින් අපේ ආච්චි වගේ සාරියක් ඇඳලා කටවුට් ගහලා වැඩක් තියෙනවද. මම නිෂ්පාදකවරයගේ
පැත්තෙනුත් හිතුවා.
"මම අහන්නේ වටිනවද ඔය විදියේ පෝස්ටර් ගහන්න. රඟපානවනම් ඒක එකක්
කිව්වැහැකි. අඩු තරමේ මහත්තයා මේ වයසේ ඉන්න මටවත් පුලුවන්ද ඔය පෝස්ටරේ දිහා කැත
නැතුව, ලැජ්ජාවක් නැතුව බලන්න."
මට ෂුවර්
දැන් අංකල් මාත් එක්කත් හිත කඩාගෙන ඉන්නේ කියලා. ඇයි ඉතින් මමත් ඔළුව එලියට දාලම
බැලුවනේ මේ හුරැබුහුටි නිළියගේ මනස්කාන්ත රෑ සපුව.
"අපි නොදන්නවද ඕකුන් කොහොමද ඔය බයිස්කෝප් වලට එන විදිහ. කී දෙනෙක් එක්ක
නිදාගන්න ඇත්ද මේ වෙනකොට"
"අංකල් දැක්කද" එකපාරටම මටත් කලින් උපහාසය ඉස්සර වුනා. කට පරිස්සං
කරගන්න බෑනේ මටත්.
"දකින්න ඕනද මහත්තයෝ, පේන්නෙ නැද්ද බලපු ගමන්.
විලිසංගෙ නැති එවුන්" ඒ ටික නම් කිවුවේ මටත් එක්කද මන්දා.
වෙලාවට ට්‍රැෆික්
එක තුනී වෙන්න පටන් ගත්තා. අංකල් ටුක් ටුක් එක ආයෙමත් ස්ටාර්ට් කලා. කථාව නතර
වුනා. අංකල් කසාද බැඳලා දැන් ගොඩක් කල් වෙන්න ඇති. දැන් ඉස්සර වගේ ශෘංගාරජනක රාත්‍රීන්
නැතුව ඇති. අර කටවුට් එකේ හිටපු කෙල්ලගෙ සරාගී නාරි ලාලිත්‍යය දැක්කම ඉහිලුම්
නැතිවෙන්න ඇති. ඒ නිළිය ගේ හුස්ම එකපාරක් වැදුනත් සැපයි කියලා හිතෙන්න ඇති. ඊලඟට
අපිට කොයින්ද පූසෝ කටු නැති මස් කියලත් හිතෙන්න ඇති. මම අංකල්ගේ පැත්තත්
සාධාරනීකරණය කලා. ටුක් ටුක් එක වාහන අස්සෙන් යන්න පටන් ගත්තා. අර සරාගී නිළිය ඈතට
ඒ තරම් ලස්සන නෑ කියලත් සයිඩ් කණ්නාඩියෙන් ආයෙමත් කටවුට් එක දැක්ක මට හිතුනා. පොදු
ශ්‍රී ලාංකීය මධ්‍යම පාංතික චින්තනය,
කුහක ලිංගිකත්වයක් ඇති අද්‍යතන ශ්‍රී ලාංකිකයා වගේ බර වචන දාලා
ආටිකල් එකක් ලියන්න කම්මැලි කමට මම හෙඩිමක් නැතුවම ආටිකල් එක එඩිටර්ට දීල එන්න
ආවා.
පැතුම්
පුංචිහේවා
(Published in 'Go' mag, August 2012)
උදයන්ති කුලතුංගද මන්දා කටවුට් එකේ හිටියෙ..සෝක් ගල් දෙක...හම්මා...
ReplyDeleteඅංකල්ගේ නොහැකියාව මත පදනම් වූ පැහැදිලි ඉරිසියාව..
ReplyDeleteඋඹට මෙහෙම කියලා බලන්න තිබුනේ...
ReplyDelete"හැදියාවක් නැති ගෑණු... ඔය ඔහොම හිටියට හෙන අඩු ගාණට අංකල් ඔවුන් නිදාගන්නේ... මගේ යාළුවෙක් ඉන්නවා ඌ ඔය ගොඩක් නිළියෝ සෙට්කරනවා... එක කෝල් එකයි දෙන්න ඕනේ... මේ දැන් උනත් එයි... හැදියාවක් නැති ගෑණු... "
බීටලයා කියපු විදිහට කලා නම් අංකල්ගේ හැදියාව පොඩ්ඩක් බලාගන්න තිබ්බා.
ReplyDeleteහැබැයි මම නම් ආස නෑ සාරි වලට.... ඒක ආණ්ඩුවේ මතය නෙමෙයි, මගේ පෞද්ගලික මතය...
අනෙ අනිච්චං...
ReplyDeleteසැහ්! මං දැක්කේ නෑනේ ඒක!
ReplyDeleteඅංකල්ට දුන්න නම් එපා කියයි...... :D
ReplyDeleteඅනෙ අප්පෝ.
ReplyDeletemachan නිරාවරණය වුනු රන්වන් දෙපා යුග්මයක්වත් අංකල්ගේ ඇහැ ගැටිලාදෝ ,,,, දෙපා යුග්මයක්වත් ??? ඒ කියන්නේ කෙල්ලට කකුල් 4 ක තිබ්බද?
ReplyDeleteබීට්ල් කිව්වා ටික කිව්වා නං හැදියාවක් නැති ගෑනු බලන්න තිබුනා.
ReplyDelete@ සිතුම්
ReplyDeleteහරි හැදුවා. ස්තුතියි මචන්.