Wednesday, October 31, 2012

එහිතට ඇමතුවෙමි


සිඩ්නි ෂෙල්ඩන්ගේ “are you afraid of the dark?” එක හුස්මට කියවලා ඉවර කරපු මට තවත් විකාර ආසාවක් ඇතිවෙලා. මම ජීවිත කාලෙටම දෙවරකට වඩා කථා කරලා නැති, කවදාවත් කෙලින් මගේ ඇස් දෙක දිහා බලලා නැති, අමුතු තාලේ යාළුකමක් නොවෙන යාළුකමක් තිබුනු "ඇයට" කථා කළා. "මට තින්ක් ටෑන්ක්" එකක් පටන් ගන්න ඕන." මම කිවුවා.

"බොහොම හොඳ අදහසක්. ඇයි එහෙම හිතුනේ?" ඇගේ ප්‍රතිචාරය මම නොහිතපු තරමට 'මූට පිස්සු' වගේ විශ්ලේෂණාත්මක නිගමනයක නොපිහිටා, බැරෑරුම් බවක් ගත්තා. අඩු තරමේ ඒ වගේ දෙයක් කියන්න ජීවිතේ පළමුවෙනි වතාවට ඇයට දුරකථන ඇමතුමක් දුන්නේ ඇයි කියලවත්, කොහෙන්ද මගේ නොම්බරේ හොයාගත්තේ කියලවත් අහන්නේ නැතිව මාවම බයකරවන තරමේ බැරෑරුම් මුහුණකින් ඇය මට සවන්දෙනවා මට මැවිලා පෙනුනා.

"අර සිඩ්නි ෂෙල්ඩන්ගේ කථාවේ ටැනර් කින්ග්ස්ලිත් තින්ක් ටෑන්ක් එකක් පටන් ගන්නවා. ඒක මාර කන්සෙප්ට් එකක්. ඒ නිසා මටත් තින්ක් ටෑන්ක් එකක් පටන් ගන්න ඕන" මම කිවුවට, මගේ හිතේ තින්ක් ටෑන්ක් එකක් ගැන ඇතිවෙලා තියෙන විකාරරූපී උමතුව ඊට වඩා වචන කරන්න බැරි බව මට තේරුනා.

"ඒත් අපි හිතන්න ඕන තින්ක් ටෑන්ක් එකක් පටන් ගන්න කලින්, අපි මොනවගේ ඒරියාස් ද කවර් කරන්නෙ කියලා. පොලිටික්ස්? සයන්ස්? ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්?" මම නිහඬ වෙලා හිටියේ ඇගේ කථාවට ප්‍රතිචාර නැතිවුනු නිසා නෙවෙයි, තුනම එක වගේ හොඳයි කියලා හිතුනු නිසා.

"හරි, අපි හම්බුවෙලා කථාකරමු. හෙට? දහයට? කොෆී ෂොප් එකේ? අපි දෙන්නා විතරක්?" මම නිහඬවම ඔළුව වැනුවා. "හරි එහෙනම් හෙට හම්බුවෙමු." ඇය මගේ නිශ්ශබ්දතාවය තේරුම් අරන්. ඇගේ කටහඬ තවමත් ලයාන්විතයි.

Write me a letter
On baby blue paper
Do it sooner than later
Anytime you’ll need a friend

ජිල් ජොන්සන්ගේ Baby Blue Paper අහන ගමන්, "අපේ තින්ක් ටෑන්ක් එක" ගැන හිතමින්ම මට නින්ද ගිහින්. අවුරුදු විසිපහක වයස් පරතරයක් තියෙන ඇයත් මමත්”, ඇගතා ක්‍රිස්ටි සහ හර්කියුල් පොයිරෝ වගේ අපේ තින්ක් ටෑන්ක් එකේ පළමුවෙනි ව්‍යාපෘතියේ, ඔබත් මමත් දන්න ලෝකය වෙනස් කරන්න සමර්ථ වන බවට නිසැක, කාලගුණය වෙනස්කරනා තාක්ෂණයක් සහිත යන්ත්‍රයක් නිපදවීමේ ව්‍යාපෘතියේ බ්ලූප්‍රින්ට්ස් පරීක්ෂා කරලා බලනවා මම හීනෙන් දැක්කා.

12 comments:

  1. මොකක්ද බං තිංක් ටෑන්ක් කියන්නෙ? නිකං යුද ටැංකියක් වගේ එකක්ද?

    ReplyDelete
  2. අද බ්ලොග් අවකාසේ නිල් පාටයි!

    ReplyDelete
  3. මොකද්ද මේ නිල් පාට වෙනස,
    මේ ශීන් කෝන් එක හැම තැනම,
    තෙරෙන්නේ නෑ මොකද්ද මග හැරුනේ කියලා
    ඒ වුනාට ලියන හැමෝම සුපිරියටම ලියනවා

    ReplyDelete
  4. තින්ක් ටෑන්ක් ගැන හෝඩුවාවක් දියන්.. .

    ReplyDelete
  5. මොකක්ද මේ තින්ක් ටෑන්ක්?

    ReplyDelete
  6. තින්ක් ටෑන්ක් එකක් කියලා කියන්නේ යම් යම් විෂය ක්ෂේත්‍ර වල පර්යේෂණයන් සිදු කරන ආයතනයක් කියලා කියන්න පුලුවන්. මේ විෂය ක්ෂේත්‍ර සමාජ විද්‍යා, දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික විද්‍යා, නව තාක්ෂණික වගේ පුළුල් පරාසයක විහිදෙනවා. එක තින්ක් ටෑන්ක් එකකින් නව තාක්ෂණ සොයාගැනීම් කරන කොට, තවත් එකකින් යම් රටක අන්තර් ජාතික සබඳතා ප්‍රතිපත්ති සැකසීම් කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේවා ලාභ නොලබන ආයතන. ගොඩක් රටවල රජයෙන් ෆන්ඩ් කරන තින්ක් ටෑන්ක් තියෙනවා. අපේ කදිරගාමර් ඉන්ස්ටිටියුට් කියන්නේ තින්ක් ටෑන්ක් එකක්.

    ReplyDelete
  7. හීනයක්?????????????????????????? :(

    ReplyDelete
  8. ආපහු බ්ලොග් කියවන්න ආස හිතෙන විදියේ සටහන් දකින්න ලැබෙන එකම සතුටක්....!

    ReplyDelete
  9. හීනෙන් හරි ඔහොම දෙයක් පේනවා කියන්නේ ඉතින්................

    ReplyDelete
  10. අදහස් නම් නියමයි ඔයාගේ :)
    http://hithru.blogspot.com/

    ReplyDelete
  11. කොෆී ෂොප් coffee shop talks anangmana.blogspot.com

    ReplyDelete