Wednesday, October 24, 2012

මම ඔබ තුළම බිඳ වැටෙමි

"ඔයා හරියට බොබ් මාර්ලේ වගේ" එයා කියනවා. එයා එහෙම කියනකොට ඔයාට දැනුනු ආහ්ලාදය තප්පර කීපයක් ආඩම්බරෙන් විඳගත්ත ඔයා ගිටාර් එක අතට අරන්, පුලුවන් තරම් කටහඬ ගොරහැඩි කරලා "බෆලෝ සෝල්ජර්ස්" කියන්න උත්සාහ කලේ "මම බොබ් මාර්ලේමයි" කියලා හිතාගෙන. එහෙම නේද? හැබැයි එතකොටයි ඔයාට මතක්වෙන්නේ, එයාට ශා‍රුක් ඛාන් ගේ අලුත් ‍ෆිල්ම් එකෙන් එහාට, කත්‍රිනා කායිෆ්ගේ සීරෝ සයිස් එකෙන් එහාට හිතන්න වුවමනාවක් මෙච්චර කාලෙකට තිබිලා නැහැ කියලා. ඒ නිසාම ඔයා ගිටාර් එක පැත්තකට දාලා එයාගෙන් අහනවා, "ඇයි ඔයා මම බොබ් මාර්ලේ වගේ කියන්නේ?"

"දන්නෙ නෑ, එයත් ගිටාර් එකක් උස්සගෙන ෆොටෝ වලට ඉන්නව නේද?" එයා කියනවා. වේදිකාව මත ඊලඟ දර්ශනයට මම ස්ව කැමැත්තෙන්ම පොළාපනිනවා.

කාලය ගෙවිලා ගිහිල්ලා, තවදුරටත් ගිටාර් එක ඔයාගේ අතේ නැහැ. සත්සර විප්ලවයක් ගැන කිසිම විශ්වාසයක් ඔයාගේ හිතේ නැහැ. ඒත් තාම එයා, ඔයා ඉන්න බංකුවේ අනෙක් කොනේ වාඩිවෙලා ඉන්නවා. කිසිම අනතු‍රු ඇඟවීමක් නැතිව එයා කියනවා, "ඔයා හරියට චේ වගේ නේ?". විප්ලවයක් වෙනුවෙන් ලේ හලන්නට වුනත්, මරාගෙන මැරෙන්නට වුනත් සූදානමින් ඉන්න ඔයාගේ හිතට ඒ වචන එක්ක දැනෙන සතුට කියන්න වචන නැහැ. ඕනනම් 'වර්ණනා විෂයාතික්‍රාන්තයි' කියන්න පුලුවන්. පපුව ආඩම්බරෙන් පුම්බගෙන ඉඳලා ටිකක් මහන්සියි වගේ දැනෙනකොට ඔයාට මතක්වෙන්නේ එදා වුනු දේ. කාලාන්තරයකට කලින් වගේ දැනුනු දවසක. 

"ඇයි මම චේ ගුවේරා වගේ කියන්නේ?" ඔයා අහනවා. "ආ එයාගේ නම චේ ගුවේරාද? මම දැනගෙන හිටියේ චේ කියන කෑල්ල විතරයි!", එයාටත් ඔයාගෙ වගේම මැද්දේ ත‍රුවක් ගහපු තොප්පියක් තිබුනා නේද?"

එයාගේ නැත්නම් ඔයාගේ නැත්නම් මගේ වාසනාවට වේදිකාව කළුවර වෙනවා!


පැතුම් පුංචිහේවා


12 comments:

  1. ඔබ ලියන ඒවගේ අමුතු ගතියක් තියනවා..නිතර ලියුවනම් කොයිතරම් හොඳද..

    ජයම වේවා!

    ReplyDelete
  2. මම මේ කතාවට ආස, කාලයක් මමත් මේ අත්දැකීමට මූණ දුන්නු නිසා.., මේකම නොවුනත් හරය එකයි..! :)

    ReplyDelete
  3. උඹට අමතක වෙලා ගංජා සුරුට්ටුව
    ඕකෙනුත් අපේ එවුන් බොබ් මාලේ හොයනවනේ

    ReplyDelete
  4. අමුතුම තාලේ කතාවක් නොව

    ReplyDelete
  5. අපේ වාසනාවට ලියවිල්ල අවසන් උනා....

    ReplyDelete
  6. අපි ලෝකෙ උඩ ඉන්නව කියල හිතාගෙන හිටියට ලෝකෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ ඔළුව ඇතුලෙනේ... තව දර්ශන බර ගානක් තිබුණත් අන්තිම එකමයි...

    ReplyDelete
  7. ඒ ගෑණු ළමයත් පව්... ආද‍රේට ‍‍ාදෙන්න පුළුවන් ‍හොදම නම ගැන එයා හිතනවා ඇති.... ‘‘ ඔයා ඔයාම ව‍ගේ... ඔයා ව‍ගේ ‍වෙන ‍‍කෙ‍නෙක් නෑ.. ඔයා ‍කො‍හොම උණත් මං ඔයාට ආද‍රෙයි ” එහෙම කිව්ව නම්‍ ‍කොයි තරම් අපුරුද?

    ReplyDelete
  8. නංගි..
    තරුව මගේ නලලේ...
    මේ...

    ReplyDelete
  9. අපි වෙනස් කියලා හිතුවට එකම කැරකෙන්නේ. අන්තිමට එන්නේ එකම දේ වෙනස් වර්ෂන් එකක්..

    ReplyDelete
  10. බිඳ වැටීමට මූලික හේතුව = හිත හඬගා එක් standard එකක් ඉල්ලයි. ඒක ලැබෙනකම්ම එල්ලෙයි.
    එල්ලිලා ඇති වූ කල්හි , කුහකකමත් මාන්නයත් ඉස්සරහට එයි.
    ලවු එක පස්ස දොරෙන් පැනලා යයි.

    හඳුනන මිනිසෙක්.

    ReplyDelete
  11. ඇස් දෙකට පෙනෙන ලෝකයට ආදරය කරන අපි ගැන කතාවක්...

    ReplyDelete
  12. මෙහෙම වෙනස් වෙනවා නම් පුද්ගලයින්... මෙහෙම දැකිය හැකි නම් එකෙක් තුළ තවකෙක්... මට හිතෙන්නේ නම් ලොකය නිරස වෙයි.

    ReplyDelete