Saturday, March 13, 2010

හිපියෙක්, හිපියෙක් සහ හිපියෙක්..

හිපියෙක් කියන්නේ මොනවගේ සමාජ සත්ත්වයෙක්ද කියන එක ලාංකීය සම්මත කතිකාව ඇතුළේ නම් ටිකක් මතභේදකාරියි... කොහොම වුනත් කෙනෙක් සැළකිලිමත් වෙන්න ඕන හිපියා ඉරිච්ච ඩෙනිම් අඳින්නේ ඇයිද කියන එක ගැන නෙවෙයි... Weed පාවිච්චි කිරීම සදාචාර විරෝධීද වගේ මතුපිට කාරණා ගැන නෙවෙයි... හිපි චින්තනය ගැන... ඒක තේරුම් ගන්න පුලුවනිනම් අද අපි අත්දකින ගොඩක් ගැටළු වලට උත්තර හොයාගන්න පුළුවන්...

ඒ වගේම හිපි දර්ශනය දිහා බලන්න හිපියෙක් වෙන්න ඕන නැහැ... ඒත් මම හිපියා කියන විශේෂණය පාවිච්චි කරන්නේ ලස්සන ලෝකයක් ගැන හීන දකින, ලස්සන ලෝකයක මැවීම වෙනුවෙන් සටන් කරන හැමෝම විස්තර කරන්න... ඒ අරමුණ පෙරදැරි කරගත් තව උප සංස්කෘතින් තියෙනවා... ඒවා ගැන පස්සට කතා කරමු...




යුස්ටයින් ගෝඩර් (Jostein Gaarder) ගේ "සොෆීගේ ලෝකය" (Sofies verden) පොතේ එන මගේ හිත්ගත්තු කොටසක් ගැන සඳහන් කරලා මේ සටහන මම අවසන් කරන්නම්... ලෝකේ හරියට මහා මායාකාරයෙක් ටොප් හැට් එකකින් එළියට ඇදලා ගත්ත සුදු හාවෙක් කියලා හිතුවොත්( ඒ කියන්නේ මේ ලෝකේ ඒ තරමටම පුදුමාකාරයි කියලා) අපි තමයි ඒ සුදු හාවාගේ සිනිඳු ලොම් ගස් අස්සේ ජීවත් වෙන ක්ෂුද්‍ර ප්‍රාණීන්... මිනිස්සු දෙකොටසක් ඉන්නවා ලෝකේ... එක කොටසක් සුදු හාවාගේ ලොම් ගස් අස්සට රිංගලා බොහොම සැපපහසුවට තැන්පත් වෙලා ඉන්නවා.. "මේ දවස්වල තක්කාලි වල ගණන් කොහොමද අනේ?, දන්නවද මයිකල් ජැක්සන්ට වෙන වෙන තැන්වලත් ළමයි ඉඳලනේ... පව් නේද බ්‍රිට්නි?, ඔය බටර් එක මෙහාට දෙන්න අනේ..." ඔය වගේ දේවල් කථා කරකර... මේ අතරේ ලෝකේ ඉන්න අනෙක් කොටස... අනවරත උනන්දුවකින් සත්‍යය හොයාගෙන යන පිරිස (ඒ කියන්නේ අපි කියමු මහා මායාකාරයගේ ඇස් දිහා කෙලින් බලන්න උත්සාහ කරන දාර්ශනිකයෝ කියලා) බොහොම අමාරුවෙන් සුදු හාවගේ ලිස්සන සුළු සිනිඳු ලොම් ගස් දිගේ නඟිනවා... ඒක ලේසි වැඩක් නෙවෙයි.. ගොඩක් අය මඟදි පහළට ඇදන් වැටෙනවා.. ඒත් ඒ අය එකතු වෙලා එක එකාගේ කර පිටට නැඟලා අමාරුවෙන් ලොම් ගස් වල අන්තිම කෙළවරටම ලඟාවෙනවා... ඊට පස්සේ ඉහළ බලලා මවිතයෙන් කෑ ගහනවා අර පහළ ඉන්න අයට... "මහත්වරුනි, අපි අභ්‍යවකාශයේ පා වෙනවා"... එතකොට අර පහළ සැපපහසුවට ඉන්න අය කියනවා "අයියෝ මහා වද කරච්චල් කාරයෝ ටිකක්... ඒක නෙවෙයි අනේ අර අළුත්ම ෆිල්ම් එකේ කරීනා කපූර් මැරෙනවා නේ එන්ඩ් එකේ? හරිම සෑඩ්"

ඕක තමයි කථාව... මම ටිකක් විතර modify කළා Original එක... :) මම හිතනවා මම කියපු දේවල් සහෘද හැමදෙනාම තේරුම් ගත්තා කියලා.. අපි හැමදෙනාම තෝරාගැනීමක් කළයුතු තැනක ඉන්නේ, කොයි මිනිස් කොටසටද අපි අයිති වෙන්න ඕන කියලා... අපි කියලා කියන්නේ ඔබත් මාත්...පුළුවනිනම් සොෆීගේ ලෝකය කියවන්න... ඒකට දර්ශනවාදය විෂයයක් විදියට හදාරන්න ඕන නැහැ... 'සොෆීගේ ලෝකය', ජීවිතය දිහා අළුත් විදියකට බලන්න කියා දේවි දර්ශනවාදයේ ඉතිහාසය හරහා...

"You create your own reality..."
                                              - Seth


By Pathum Punchihewa


9 comments:

  1. "මම හිපියා කියන විශේෂණය පාවිච්චි කරන්නේ ලස්සන ලෝකයක් ගැන හීන දකින, ලස්සන ලෝකයක මැවීම වෙනුවෙන් සටන් කරන හැමෝම විස්තර කරන්න"

    ඒ හිතුවිල්ල ඒ අයුරින් ම සාර්ථක වේවා කියා පතනවා.. අගේ ඇති මොලයක් සයිබර් අවකාශයට එකතු කිරීමේ මහා පුණ්‍ය කර්මයකට දායක වීමේ සතුට මේ මොහොතේ මම භුක්ති විඳිනවා.

    උඹේ බ්ලොග් අනාගතයට ජයෙන් ජය ම පතනවා සහෝ..!

    ඉදිරියට ම යා...!!!!! =)

    ReplyDelete
  2. බලමු මචන් උඹ නියම හිපියෙක්ද කියලා. ලියන්න දිගටම. අපි බලන්න ඉන්නවා.

    සොෆීගේ ලෝකය නියම පොතක්!

    ReplyDelete
  3. @ ලිෂාන්

    උඹ නැතත් සමහරවිට හිපියාගේ සටහන් ලියවේවි... ඒත් කවදාවත් බ්ලොග් සහෘදයන් අතරට යන්නේ නැහැ... උඹට පින් සහෝදරයා...

    @ chamiladealwis.cඔම්

    ස්තුතියි... සතුටුයි ඔබත් ඒ පොත කියවලා තිබීම ගැන...

    ReplyDelete
  4. පොත නම් අරන් බොහොම කල් තාම කියෙව්වේනම් බොහොම ටිකයි. ආයි එළියට අරන් බලන්න ඕනේ

    බ්ලොග් ලියැවිල්ලට අපෙනුත් එහෙනම් ඕන්
    චියර්ස්!!!!!!!

    ReplyDelete
  5. @ ම

    බලලා ඒ ගැන හිතෙන දේවල් ලියන්න... බොහොම ස්තුතියි සහෝදරයා...

    ReplyDelete
  6. මෙතෙක් කල් මේ බ්ලොග් එක මිස් වී තිබීම ගැන මම කණගා‍ටු වෙනවා... අත් හරින්නේ නැහැ ආයේ..දිගටම ඉන්නවා මේකේ එල්ලිලා... නියමයි... ලෝකය සුන්දරව පවතින්නේ නුඹ කියූ අන්න ඒ වෙනසට උත්සහ කරන ‍රැඩිකල් නොහොත් විප්ලවවාදී මිනිසුන් නිසා..ලොම් ගස දිගේ උඩට ඇදෙන්නට යත්න දරන...
    ජය වේවා!

    ReplyDelete
  7. හ්ම්..... ඇත්තටම අපි ඒ වගේ තමයි..... කට්ටියක් එදා වේල හොයාගන්න හැටි ගැන කල්පනා කරද්දි තවත් කට්ටියක් හවසට වෙලාව යවාගන්න යන්නෙ මැක්ඩොනල්ඩ්ස් ද, ඩෙවොන් ද නැතිනම් පීට්සා හට්ද කියලා ලතැවෙන ලෝකයක්නේ මේක.......

    ReplyDelete
  8. @ ජීවිතේ මල්

    ස්තුතියි... ලෝකය ලස්සන වෙන්නේ ලෝකයේ ලස්සන දකින මිනිස්සු නිසා... අපි කවුරුවත් තනිවෙලා නැහැ කියලා හිතෙනවා ඔබේ කමෙන්ට් එක දකිනකොට.

    @ පුංචි සමනළී

    ඔව්... සමනළී... මම කියන්නේ කොමියුනිස්ට් ලෝකයක් නෙවෙයි..ඒක ප්‍රායෝගික නැහැ. ඒත් අපිට හිතන පතන විදිය වෙනස් කරගන්න පුළුවනි නම් අන්න එතකොට ලෝකය තව ටිකක් හරි ලස්සන වේවි..එහෙමනේද...

    ReplyDelete
  9. මම ඉස්කෝලෙ යන පාරෙ පොත් රාක්කෙක ඉඳන් පාර බලාගෙන ඉන්න සොෆීගෙ ලෝකය ඇතුළෙ මේ කරම් ලස්සන කතාවක් ඇතියි කියලා මට කවමදාවත් හිතුණෙ නෑ..

    හැබැයි මට හැමදවසකම හිතන්න ඕනෙ වුණා.. මම ජීවත් විය යුතු ලෝකෙ මේ ලෝකෙට වඩා සෑහෙන්න ලස්සනයි කියලා..

    ගොඩක් දුර ගිහින් තිබුණත් හැම ගමනකම පළවෙනි අඩිය ගොඩක්ම වටින නිසයි මේකට මම කමෙන්ට් එකක් දැම්මෙ.

    ReplyDelete