"මම රස්තියාදුකාරයෙක්", එහෙම නැත්නම් "මමත් රස්තියාදු ගහලා තියෙනවා" කියනවාට වඩා "ජීවිතේ හරිම රස්තියාදුවක්" කිවුවහම මිනිස්සු මේ ලිපියට කොහේවත් නැති වැදගත්කමක් දෙන්න උත්සාහ කරයි. ඒත් ඉතින් ඒ මිනිස්සුන්ගේ හැටි. ඔබත් මාත් අයිති වෙන, ඒ වගේම ඔබත් මමත් කැපී වෙන්වෙන සමාජයේ ජීවත් වෙන සහෝදර ජනතාව, මිනිස්සු...
ආයෙමත් රස්තියාදු කතාවට ආවොත්, "ඔව්, මම රස්තියාදු ගහලා තියෙනවා හොඳට". ඉස්කෝලේ යන කාලේ නම් මරදාන වටේ තිබුනු පොත් කඩවල, මෑත අතීතයේ නම් හැමතැනම.
රස්තියාදු ගහන එක නරකයි කියලා ඉස්කෝලේ කාලේ කියලා දීලා තිබුනා මට මතකයි. ඇත්තටම රස්තියාදු ගහන එක නරකද? ඒ ප්‍රශ්නය මට කොයිම මොහොතකවත්-දැන් ඇරෙන්න- මතක් වෙලා නැහැ.මං හිතන්නේ ඉස්කෝලෙදී හරියටම කිවුවේ 'රස්තියාදුකාරයෙක්' වෙන්න එපා කියලා. දැන් ඊලඟ නිර්වචනය, රස්තියාදුකාරයා... ඒක මම දන්නේ නැහැ. ඒ නිර්වචනය ඔබට අයිති වැඩක්.
මම දැන් රස්තියාදු ගහන්නේ කොලඹ පාරවල් දිගේ විතරක් නෙවෙයි. ආර්ට් ගැලරි අස්සේ, පොත් කඩවල් අස්සේ, ජාතික පුස්තකාලයේ, ෆිල්ම් තියෙටර් අස්සේ, කෝපි කඩ අස්සේ- කෝපි කඩ කිවුවට අනෙක් අය කියන්නේ ලස්සනට බරකරලා coffee lounges කියලා... එතකොට මුහුදු වෙරළ, ගෝල්ෆේස් එකේ ඉස්සො වඩේ කරත්ත, Goethe. Alliance France, Russian cultural center,මාර්ගරිටා බ්ලූ, Budz, Barefoot, Burger king, Club parties, beach parties වගේ සංස්කෘතික, සමාජයීය වශයෙන් අහසට පොළව වගේ වෙන/ අතිශය සර්වසම වෙන දහසකුත් එකක් තැන් මගේ රස්තියාදු අධිරාජ්‍යයේ දේශසීමාවන් ඇතුළේ තියෙනවා. ඔව්, මම beach party එකකට ගියත් එතන තියෙන්නේ එක්තරා විදියක රස්තියාදුවක්. ඒකේ පුදුමයකුත් නැහැ. මම හිපියෙක්, හිපියෙක් රස්තියාදුව නරකයි කියලා කියන්නේ නැහැ...
මම ඉස්කෝලේ යනකොට Rowing කරන කාලේ අනන්තවත් හබල් දෙකේ තනි ඔරුවකට වෙලා, බේරේ වැවේ Rowing Club එකට අයිති කොටසේ ඔහේ පාවි පාවි රස්තියාදු වෙලා තියෙනවා. එතකොට මට පෙනිලා තියෙනවා මාලිගා වගේ හෝටල් එක පැත්තකත්, පොඩි වුන් ගේ දොරකඩ වාඩිවෙලා කක්කා කරන මුඩුක්කු පැල්පත් බේරේ වැවේ අනෙක් පැත්තේත් තියෙනවා. රස්තියාදුවකට දේශපාලන මතවාදයන් බිහිකරන්න බැරිත් නැහැ.
මම කොහේ හරි කියෙව්වා, රස්තියාදුවෙන් දාර්ශනිකයෝ බිහිවෙනවා කියලා... ඒක දාර්ශනිකයෙකුගෙන් අහලා බලන්න.
රස්තියාදු ගහනවා කියන්නේ කාලය නාස්ති කරනවා කියන එක නම් මම ඒ කතාවට එකඟ වෙන්නේ නැහැ.මොකද මට නම් මගේ රස්තියාදු දේශාටන වලදී නාස්ති කරන්න වෙලාවක් තිබුනේ නැහැ. ලෝකේ කොයි තරම් ලොකුද? කොයි තරම් නම් දේවල් බලන්න තියෙනවද? කොයි තරම් මිනිස්සුන්ව මුණගැහෙන්න තියෙනවද? මේ හැමදේම මැරෙන්න කලින් කරන්නත් ඕන. අපි ඔක්කොම මැරෙන මිනිස්සු...
මගේ ප්‍රියතම හීනයක් තමයි අත්‍යාවශ්‍ය ඇඳුම් පැළඳුම්, තවත් අත්‍යාවශ්‍ය දේවල් backpack එකකට අහුරගෙන, කැමරාවක් කරේ එල්ලගෙන ඔහේ රස්තියාදු වෙන එක. ලංකාව පුරා විතරක් නෙවෙයි, ලෝකේ පුරාම...ඉන්දියාවේ වරණාසි වල, ඌටි කඳුකරයේ, කජුරාවෝ වල, රාජස්ථානයේ වර්ණ අතරේ... ස්පාඤ්ඤයේ අන්දලුසියානු කඳුබිම් වල... රොමානි කූඩාරම් අතරේ... කාම්බෝජයේ අන්ග්කෝර් වල... ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවලින් මායිම් වන පිටිසර ප්‍රංශ ගම්මාන වල... මගේ හීන විසල් කියලා මම දන්නවා.
backpackers උප සංස්කෘතිය බිහිවෙන්නේ හිපි ව්‍යාපාරයට ගොඩක් පස්සේ. ඒත් මතවාදමය සහ ආකෘතිමය වෙනස්කම් අත ඇරලා බැලුවොත්, ලෝකය දකින්න තියෙන, සංචාරය කරන්න තියෙන හිපීන්ගේ නොතිත් ආශාව backpackersලාත් බෙදාහදා ගන්නවා...
මේ ආඛ්‍යානය දිග වැඩියි, පැටලිළි ගොඩයි කියලා කවුරුහරි කියනවා නම් මට ඒකට කරන්න දෙයක් නැහැ. This post also one big vagabonding dream...
මෑතකදී මමත් තව රස්තියාදු මිත්‍රයෙකුත් රස්තියාදු ගමනක යෙදිලා ඉන්නකොට මුණගැහුනා අපි දෙන්නාගේම පරණ මිතුරියක්, කුමාරි කුමාරගම. ජාතික පුස්තකාලය ඉස්සරහාපිටදී. එයත් එයාගේ අළුත්ම පොත, 'උරෙයිට්ටු සාප්පාඩ්' තනියම බෙදා හරින රස්තියාදු ගමනක හිටියේ. ඇය කිවුවා "අපි ඔක්කොම රස්තියාදුකාරයොනේ මචං' කියලා. එතකොට තමයි මට හිතුනේ "ජීවිතේ හරිම රස්තියාදුවක්" කියලා කොහේ හරි ලියලා තියන්න ඕන කියලා...
දැන් මම ඉන්නේ නිදහස් චතුරශ්‍රයට යන පාරේ වටරවුම ගාව. මට දැන් මතක නැහැ එතනට කියන්නේ මොකක්ද කියලා. රස්තියාදු ගහන කෙනෙක්ට නිදහස තියෙනවා මඟතොට ගැන පාරිභාෂික නාම නොදැන ඉන්න, අමතක වෙන්න. මෙතනින් කෙළින්ම ගියොත් නිදහස් චතුරශ්‍රයේ ගල් කුළුණක් යටට වෙලා ඔහේ වාඩිවෙලා අහස දිහා බලාගෙන කල්පනා කරකර ඉඳලා ඇතිවුනහම අග්‍රා එකට ගිහින් දකුණු ඉන්දියන් කෑම වේලක් කන්න පුළුවන්. නැත්නම් වමට හැරිලා ගිහින්, ගොතේ එකට යන්න පුළුවන්.ඕනනම් පොලිසිය ලඟින් ඇතුළට හැරිලා ගිහිල්ලා ලයනල් වෙන්ඩ්ට් එකට යන්නත් පුළුවන්.නැත්නම් ආපහු හැරිලා ගිහින් එතනින් ඔළුව හැරෙන මුල්ම පැත්තට යන්නත් පුළුවන්!
රස්තියාදුවේ අලංකාරයක් තියෙනවා... නැත්නම් අමුතුම 'එකක්' තියෙනවා. ඒ ලෝකය බලන්න, මිනිස්සුන්ට ආදරේ කරන, ආදරේ දැනෙන, ජීවත් වෙන්න සැබෑ වුවමනාවක් තියෙන මිනිස්සුන්ට...
The song of the open road... එන්න, ඔබත් මමත් එකට මෙය පරිවර්තනය කරමු, අපිට දැනෙන විදිහට... "නිදහස් සිතුවිලි, විඩා නොදැනෙන දෙපා... ඔබ ඉදිරියේ වැතිර පැතිර ඇත්තේ ආශ්චර්යමත් ලෝකයක්..."
ඒ මට දැනෙන ලෝකය...
~ හිපියා
ඕක තමයි මචන් වෙන්න ඕනෙත්. උඹ දන්නව, මමත් ඔය මල ඉලව් හැම එකම කරන විත්තිය. මේ ලඟදි මට රස්තියාදු ගහද්දි හම්බුනා මුනිදාස කුමාරතුන්ගගේ මුණුබුරා. ඌ මගෙත් එක්ක හෙන වෙලාවක් කතා කල පොත් කඩයක් ඇතුලේ දයානන්ද ගුණවර්ධන ගැන. අන්තිමටයි මට කිව්වේ මිනිහා කවුද කියලා. ඔය ටෙලි නාට්ටි වල බර කරලා ජීවිතේ හොයනවා කියන්නේ මේකට වෙන්නැති. මමත් ඔය හැම එකටම ගිහින් තියෙන විත්තිය උඹත් දන්නවා. මම ගෝතේ එකට විතරයි ගිහින් නැත්තේ. එහෙම එකක් මම දන්නෙත් නෑ. අග්‍රා නම් ගියේ නෑ වියදම වැඩි වෙයි හිතලා. කොහෙන් කොහොම ගියත් 19 වෙනිදා හවස උඹටත් මටත් හරියන කල්චර් එකක් හදාගමු. එදා මෙමෝරියල් කරමු ෆුල් පිස්සුවක් කෙළලා. මම අදහස් කලේ රස්තියාදුවක් ගහලා.
ReplyDeleteකොහොමටත් ජීවිතේ කියන්නේ හෙනම රස්තියාදුවක්.., හා ජීවිතේ ඇතුලේ රස්තුයාදු ගහනවා කියන එක කියන්නේ එකක් නොවේ දෙකක්.., ඒක හරියටම වෙනස තේරෙන්නේ එහෙමත් එකෙකුට තමා. මම අර උඹට කිව්වා වගේ ගොඩක් අය රස්තියාදුව කියන වචනේ තේරුම් අරන් ඉන්නේ හරිම වැරදි විදියට.., ඒකට අපිට කරන්න දෙයක් නැහැ. මොකද කොදෙව් මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්න රටක ඒක පුද්ගල කැරලි ගහන්න අමාරු නිසා, ඔය වගේ තත්ත්ව අපිට බලා පොරොත්තු වෙන්න වෙනවා.., ඒත් අමතක වෙලා වගේ ඔය අතරින් පතර වගේ එකෙක් දෙන්නෙක් එකතු කරගන්න හැකියාව ලැබේවි.., ඒ හොයා ගන්න වෙන්නෙත් රස්තියාදු ගහලම තමා. ගොඩක් වෙලාවට රස්තියාදු කාරයා කියන්නේ හොඳ සංචාරකයෙක්.., අපි තුල ඉන්න සියලු දේට ආදරය කරන සංචාරකයා ව එලියට ගන්න මේ උඩ කියපු රස්තියාදු කම කරන්නේ මාරම "එකක්".
ReplyDeleteපොරටෝක් නෙවී මචන් පුලුවන්නම් මේක කියවත්දී අර කතා වෙච්චි සුවිශේෂ දිගුව ගැනත් ඉස්සරහදී කතා කරන්න බලපන්.
ජය!!
ඊරිසියාවක් එනවා අප්පා හිතට..! ඒ නිසා වැඩිය මොකුත් නොකියා ඉන්න තරමට හොදයි වගේ..!
ReplyDelete:O oya bag ekak witharak ellan loke wate yana eka mageth dream ekak!oya wagema apith rasthiyadu gahanawa welawakata.pudumai thaththa maawa gedarin elawanne nathuwa a wage dawas wala hawas wela gedara eddi.hehe
ReplyDeleteමේක තව තුන් හතර පාරක් කියවන්න ඕනෙ මචං. ඊට පස්සෙ මම ඉතුරුවෙලා උන්නොත් මොනවාහරි දාන්නම්.
ReplyDeleteමේක කියෙව්ව එකත් රස්තියාදුවක්ද?...........
ReplyDeleteරස්තියාදු ගහන්න තරම් ගට්ස් ඕනෙ වෙන වෙන කිසිම දෙයක් නැති තරම්...
ReplyDelete'සොය සොයා' නොයා ඉබාගාතේ 'බල බලා' යන එක තරම් සතුටක්.... කියල නිමක් නෑති සතුටක්.... වෙලාවකට හිතෙනව රස්තියාදු ආසාව හරිම වදයක් කියල. හේතුව කොච්චර ගට්ස් තිබෙන හිත හයිය කෙල්ලෙක් වුනත් අනිත් අන්තයෙන් රස්සාව සමාජ බලපෑම් ගෑන නොහිතෙනව නොවෙන නිසා. ඒත් ඒ මනෝ සංකීර්ණයටත් මම ආදරෙයි...
වැවරවුමේ, ගල්කිස්ස වෙරලේ,දලඳා මාලිගාවේ , බොරැල්ලේ වීදි දිගේ හැම තෑනම ...... මම කොල්ලො විසිල් ගගහ 'ආ නංගී මොකෝ මේ බූට් එකක් වත් කාලද?' කියල අහ අහ කෑරකෙද්දි මම මෙලෝ හසරක් නැතුවදපාගෙන ඉන්නවා. මන් හිතෙන් උන්ට හිනා වෙනව...
'අනේ බොල කොල්ලනේ... උබල මොනවද දන්නෙ රස්තියාඩ්දුව ගැන , උදේ ඉඳන් රෑ වෙනකල් රස්තියාදුවෙ ගියත්....උබල යන්නෙ රස්තියාදුවෙ නෙමෙයි. උබල නන්නත්තාර වෙලා.. මම යන්නෙ රස්තියාදුවෙ... රස්තියාදු වෙන්නෙ ... හිතට ලෝකෙම තියන විප්‍රකාර හිතල හිත ඈනලයිස් කරගන්න ඕනෙ වුනහම.' මට මාව පේන්න ඕනෙ වුනහම... '
මට මන් දිහා බලන් ඉන්න කැඩපත්ක ඕනෙ වුනහම මම දුවන්නෙ ගල්කිස්සෙ මූදු වෙරලෙ කාත් කවුරුත් නො එන හඩු මූදු වෙරලට... එතන මට පිටිපස්සෙන් පුංචි පෙට්ටි ගෙවල්. උන්ගෙ ලෝකෙ බොහොම පොඩි නිසා උන්ට මා දිහා බල බලා ඉන්න වෙලාවක් නෑ.
ඔව් මගෙ මිත්‍රයා... 'ජීවිතේ රස්තියාදුවක්.. '
රස්තියාදු ගහන්නත් චාන්ස් එකක් තියෙන්න ඕනෙ නේද කියල හිතුන මේක කියෙව්වම ...මමත් එක්තරා දුරකට රස්තියාදු ගහනව ගහල තියනව ..මිනිස්සු රස්තියාදු ගහන්න කැමතියි නමුත් ඔවුන්ට ගොඩක් හේතු නිසා ඒ අවස්තාව ලැබෙන්නෙ නැති නිසා රස්තියාදු කාරයොන්ට බනිනව ..මන්ද ..ඔයාල වගේම මටත් මැරෙන්න කලින් පුලුවන් තරම් රස්තියාදු ගහන්න තියෙන්නෙ පුදුම ආසාවක්
ReplyDeletejeewithe athule rasthiyadu gahana eka mageth eka heenayak..eth dan inna godak minissunge jeewithema rasthiyaduwak wela..
ReplyDeletejeewithe aththatama widinna nam rasthiyadu gahanna one..mulu loke watema..hama assak mullak narama...
me okkoma wada paththaka thiayala jeewithe athule rashtiyadu gahanna matath puluannam..
මේකට පසුවදනක් ලියන්න මට හිතයි වෙනම පෝස්ට් එකකින්. මොකද කියනවා නම් මං දැන් ගත කරන ජීවිතය බලාගෙන උන්නා වගේ මේ පෝස්ට් එක ඇතුලේ ගැබ් වෙල තියෙනවා
ReplyDelete@ Ansh Lucky Sri Jay,
ReplyDeleteහොඳ අදහසක්. මේ පෝස්ට් එක නිකම්ම අතීතයට එකතුවනවා වෙනුවට වටිනාකමක් දිය යුත්තක්. ඉක්මනින් ලියන්න.
(පෝස්ට් එක දාලා ලින්ක් එකත් මෙතන දානවානම් මැනවි)
@ රචියා
ReplyDeleteටෙලි නාට්ටි වල චිත්‍රපටි වල පෙන්නන රස්තියාදුව පැය එකහමාරකින් ඉවර වෙනවා, ඒත් රස්තියාදුවක් වටින්නේ ජීවිත කාලෙම පවතින්න දේවල් එකතුවෙනකොට.
@ ලිෂාන්
උඹ කියන කතාව ඇත්ත., රස්තියාදු ගහනවා කියන්නේ ජීවිතේ ඔහේ ප්‍රධාන ධාරාව ඔස්සේ ගලාගෙන යන අතකට ගලාගෙන යන්න දෙන එක නෙවෙයි. ඒකට කියන්නේ 'මෙලෝ රහක් නැති ජීවිත' කියලා. මචං අපි රස්තියාදු ගහලා පොරවල් වෙන්න හදනවා වත් රස්තියාදුවෙන් ජීවිත ගොඩනඟනවාවත් නෙවේ. අපි මැරෙන්න කලින් විඳින්න තියෙන ජීවිතේ විඳිනවා කියලා කියමු. උඹත් එක්ක කතා කරපුඉ දේත් ඉස්සරහදී ලියනවා ඉකමනටම...
@ මලී
ReplyDeleteහේ හේ... දන්නවද මලී, අපිට ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නැතුව මුළු ලෝකේ වටේම විතරක් නෙවෙයි වෙනත් විශ්වයන් අස්සේ වුනත් රස්තියාදු ගහන්න පුළුවන්. මිනිස්සු ඒකට 'ඉබාගාතේ හිතනවා', නැත්නම් 'දවල් හීන' වගේ එක එක නම් කියයි. අපේ මොකෝ....
@ පොපී
වෙලාවට තාත්තා දන්නේ නෑ රස්තියාදු ටයිම් ටේබල් එක...
@ චාමි
ලියන්න ලියන්න. අය්යගේ අදහස් කොහොමත් වටිනවා මට...
@ හරී
හරියටම හරි, නියමම රස්තියාදුවක්.. ඔබට දෙයක් දැනුනනම් මට ඒ ඇති
@ ජීවිතේ මල්
ReplyDelete"මම යන්නෙ රස්තියාදුවෙ... රස්තියාදු වෙන්නෙ ... හිතට ලෝකෙම තියන විප්‍රකාර හිතල හිත ඈනලයිස් කරගන්න ඕනෙ වුනහම.' මට මාව පේන්න ඕනෙ වුනහම... " මේ ටික ලොකු කථාවක් කියනවා...
@ සහෝධරයා
ගොඩක් මිනිස්සු සිස්ටම් එකත් එක්ක දුවනවා මිසක් ඊට එහා දේවල් හොයන්න කාලේ ගතකරන්නේ නෑ, ඒකත් එක හේතුවක් මිනිස්සුන්ට රස්තියාදු වෙන එක නරක දෙයක් විදිහට පේන්න. ඒත් ඇත්තටම නම් ඒ අයත් හිත ඇතුලෙන් රස්තියාදු ගහන අපි දිහා බලලා සුසුම් හෙලනවා...
@ ජැකී
ReplyDeleteවැඩ පැත්තක තියලා රස්තියාදු ගහන්න එපා. ඒත් වැඩ කියන්නේ මුළු ජීවිතේම නෙවි.
@ ඇන්ශ් සහ චාමි
ඒක වටින අදහසක්. ලින්ක් එක මෙතන දාන්න. මම හිතන්නේ මේක තමයි මේ බ්ලොග් ලියවිල්ලෙන් වෙන්න ඕන. මතවාදයන් නිර්මාණය සහ පවතින මතවාදයන් පෝෂණය කිරීම. ස්තුතියි...
අපුරුයි හිපියා.. අපුරුයි තැන් තැන් වල විසිරිලා තිබුන අදහස් තොගයක් හිතෙ එක තැනකට එකතු වුණා. ස්තුති
ReplyDeleteරස්තියාදුව කියන්නෙ කවදාවත් එපා නොවෙන දෙයක්.. කොටින්ම මම දැන් ජීවිතේම රස්තියාදු වෙන්න පටන් අරන්.. 20 න් පස්සෙ 30 වෙනකං කරන්න ඕනෙ හොඳම දේවල් වලින් එකක් රස්තියාදුව
ReplyDelete