"I personally believe that riding
a great wave is something you should experience before you die. When you are on
the verge of a gigantic collapsing wave, when you are uniting with the overture
of the ocean-the abstruse chaos, when you are catching a glimpse of the shore
through the scattering, roaring salt water... you will feel you are one step
closer to the Nirvana..."
මූදත් එක්ක මගේ තිබුණු සම්බන්දේ
බොහොම පරණයි. ලොකු නුවණක්කාර පුංචි ඉවාන් ගැන කියවපු පිංචි කාලෙත් අනික් හැම දේකටම
වඩා රුසියානු සුරංගනා කථා ක්‍රමයේ මුහුදට මම ආසා කරන්නට පටන් ගත්තා. ඉස්කෝලේ කාලේ ජීවිතාරක්ෂකයෙක්
විදියට හැම ඉරිදාකම ගල්කිස්ස මුහුදු වෙරළේ එකෙක් ගිලෙනකල් බලාගෙන
ඉන්න එක අනිත් උන්ට පට්ට කම්මැලි වැඩක් වුනාට පුදුමෙකට වගේ මට එහෙම වුනේ නැහැ. ඊට
පස්සේ ප්‍රථම ප්‍රේමයත් එක්ක මුහුදු වෙරළේ ගත කරපු රොමාන්තික හැන්දෑවල්, හඳ එළියේ ඈත් එක්ක මුහුදු වෙරළේ කවි කොඳුරපු රාත්‍රීන්, මුහුදු වෙරළේ මම තනියට පෝට්
වයින් බෝතලයක් එක්ක ගත කරපු රාත්‍රීන් විදියට මමයි මුහුදයි විතරක් දැනගෙන හිටපු
අසීමාන්තික රහස් එක්ක ජීවිතේ අවුරුදු තිහක් වෙනකල්ම ගත වෙලා ගියා.
ඒ අවුරුදු
තිහේදී, එක දවසක තුඟු දිය රැළි උඩින් සර්ෆ් බෝර්ඩ් එකක වේගයෙන් ඇදීගෙන යන
මොහොතේ, මුහුදේ කලකලයත්, මූණට වදින ලුණු වතුර බිංදු අතරින් නොපැහැදිලිව
පේන වෙරළේ දර්ශනයත් නිසා එක පාරටම මට හිතුනා මෙච්චර කල් මොනදේ ලියලා තිබුණත්, මුහුදේත් මගේත්
කථාව මම නොලියා මග ඇරියා නෙවෙයිද කියලා.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
අපි දෙන්නා
අවසාන වතාවේ අත් පටළවාගෙන මුහුදු වෙරලේ හිටි දවස වගේම එදාත් හඳ වටකුරුවට තිබුණු
දවසක්. මම ඉන්නේ මුහුදු වෙරළේ නොවුනත්, මට මුහුදු රැළි වදින හඬ ඇහෙන්නට වුනා. වයින්
බෝතලයක් අදත් මගේ ලඟ තිබුණා. ඒ එක්කම ලෝකෙම දන්න ලේඛකයෙක් වෙන්න, පොතක් ලියන්න
උත්සන්න වුණු අමුතු පිස්සුවකුත් අලුතෙන් මගේ ගාවට ඇවිත් තිබුණා.
"මම විශ්වාස කරන්නේ දැවැන්ත රැල්ලක මුදුනේ
නැගිලා, පැරණි හවායි ජනකථාවක එන උතුරු හුළඟට අධිපති දේවතාවා වගේ වේගයෙන්
ලිස්සලා යන අත්දැකීම ඕනෑම කෙනෙක් මැරෙන්න කලින් අත්විඳිය යුතු දෙයක් කියලයි. පහතට
කඩා වැටෙන්නට ඔන්න මෙන්න තියෙන, දැවැන්ත මුහුදු ජීවියෙකුගේ ශක්තිය, ජවය තියෙනවා
කියලා හිතෙන මහා රැල්ලක කෙළවරේ සිටින මොහොතේදී, මහා සමුද්‍රයේ ගූඪ ව්‍යාකූලභාවය සමගින් සුසංයෝග
වෙන බවක් හිතට දැනෙන මොහොතේදී, හෙක්ටර් බෙර්ලියෝස්ට පවා ප්‍රතිනිර්මාණය කරන්නට
බැරි වුණු එකක් පිටුපසින් එකක් එන මහා රැළි වල ගෝසාව අත්විඳින මොහොතේදී, මට දැනෙනවා මම
නිර්වාණයට එක් පියවරකින් ලංවෙලා කියලා."
මගේ පොතේ අවසාන පිටුවේ අවසානය ඒ විදියට ලියලා මම කථාව පටන් ගන්න
හිතුවා. තාමත් පොත පටන්ගැන්ම ලියන්න බයේ හිටියත් මගේ හිතේ එක දෙයක්
තියෙනවා. කථාවේ නායකයා 'බෝධිසත්ව' එක්ක ආදරයෙන් බැඳෙන්න
'පූර්ණිමා' කෙනෙක් මේ කථාවට
ඕනමයි. සංස්කෘත භාෂාවේ පූර්ණ චන්ද්‍රයා වෙන්නේ පූර්ණිමා කියලා මට කියලා දුන්නේ
ඈ...
පැතුම් පුංචිහේවා
අපි දෙන්නා මාළු දෙන්නෙක්ට ඉන්න පුළුවන් පොඩි බඳුනක අවුරුද්දෙන් අවුරුද්දට පිහිනමින් ඉන්න අතරමං වුණු ජීවිත දෙකක් විතරයි.
ReplyDelete'ග්‍රහලේකයක විනාශය' කියල විද්‍යා ප්‍රබන්ධ කතාවක් තියෙනව. ඒකෙ ප්‍රධාන චරිතය 'අවේ කුජ' ගැන 'මාදා ගුරු' පැහැදෙන්නෙ ඔහු මුහුදෙ ලෑල්ලකින් හරඹ දක්වද්දි.
ReplyDeleteමුහුද තියා ගොඩවත් ඇඟ මහන්සි කරන්න කම්මැලි මට මේක කියවද්දි මතක් වුණේ ඒක විතරමයි.
මම නම් මුහුදට හෙනම ආස උනාට ඔය ලෑලි කෑලි උඩ නැඟගෙන දඟලන්න ආස නෑ අප්පා.. ඊට කොච්චර හොඳද ලොකු රැළි වලට ගිලි ගිලි පොඩි රැළි වලට උඩ පැන පැන පිස්සු නට නට නාන එක...
ReplyDelete:P
සිංදුව නම් මරේ මරු!
කොහොමටත් මම වැඩිය රිස්ක් එකක් ගන්න තියන ගේම්ස් වලට කැමති නෑ.. නෑ මම ගේම්ස් වලට කැමතිම නෑ...
ලොකු රැළි වලට ගිලි ගිලි පොඩි රැළි වලට උඩ පැන පැන පිස්සු නට නට නාන.... ඔය ගේම් එක ඇති මචන් :D
Deleteහරිම ලස්සනයි
ReplyDeleteහීන පරණ වෙන්න පරණ වෙන්න ඒවා වල වටිනාකම වැඩියි...
ReplyDeleteඉතින්, "බෝධිසත්ව" දැන් බුදු වෙන්න කාලෙ හරි... 🙂