"දිව්‍යලෝකයේ ඇස්...". නොදන්නා ලෝකයක ඉම් සොයා නිර්භීත චාරිකාවන්ගේ
නිරත වනු අතීත හවායි සේලරැවන්, නිරැවත් රාත්‍රී ආකාශයේ
අපිළිවෙලට විසිරැණු තාරකා හැඳින්වූයේ එහෙමයි. "තාරකා කියන්නේ දිව්‍යලෝකයේ
ඇස්..." තාරකා, නිහඬව, ගුප්තව
පහල ලෝකයේ සිදුවෙන හැමදේම දෙස බලා සිටින බව ඔවුන් විශ්වාස කලා...
අනන්ත තරැ
පිරි අහසක් යට වැතිරිලා ඉහළාකාශයේ නිශ්ශබ්ද ආලෝක පුංජයන් අතර අරමුණක් නැති රටාවන්
අධ්‍යයනය කිරීම, ඕනෑම
මනුෂ්‍යයෙක්ගේ අවිඥාණයේ සැඟවිලා තිබෙන ආශාවක්. නියැන්ඩතාල් මානවයාගේ සිට අද දක්වාම
සෑම මනුෂ්‍යයෙකුම තමන්ගේ හිසට ඉහලින් විහිදී පැතිරී ඇති අනන්තාපරිමිත විශ්වය දෙස
විස්මයෙන් බලා හිටියා.
නොදන්නා
ඉමක් දක්වා විහිදුනු තරැ පිරි අහසක් හැමවිටම මිනිස් චිත්ත සන්තානයේ අසීමිත නිදහස
පිළිබඳ තියුණු හැඟීමක් ඇතිකරවනවා. ජීවිත කාලයකට නොහිතන දාර්ශනික ප්‍රශ්න අහන්නට බල
කරනවා. තමන් ලෙස ජීවත් වන මනුෂ්‍ය ප්‍රාණියා කවුරැන්ද, ඔහු ආවේ කොහි සිටද කියා මවිත
වන්නට බල කරනවා. මොහොතකට, ඔබ විශ්වයේ කේන්ද්‍රය බවට වන
මායාකාරී නිර්වචනයක ඔබව අතරමං කරවනවා....
මම උත්සාහ
කරමින් හිටියේ අතීත මිනිසුන් තරැ අතර දුටු යශෝධර හැඟීම අත්විඳින්නට. මේ තාරකා අතර
තවත් කොහේ හෝ ජීවයේ ගිනි පුළිඟු පහළ වී ඇත්ද කියා මම පුදුම වුනා. ඒ මොහොතේදී මම
දැක්කා, තරැ
පොකුරක ඈත කොනක හුදකලාව තිබුනු තරැවක් එක් මොහොතකට දීප්තියෙන් දැල්වී නිවී යනවා... සමහරවිට මම
ඒ දකින්න ඇත්තේ තරැවක මියයාම. සුපර්නෝවා පිපිරීමක්. වසර මිලියන ගණනාවක් සෙමින්
දැවෙමින් දීප්තියෙන් දැල්වුනු වෙහෙසට පත් දැවැන්ත තාරකාවක්, මිනිසා දන්නා, නොදන්නා සියළුම මූලද්‍රව්‍ය නිර්මාණය කරමින් තමන් තුළටම කඩා වැටෙනවා.
අති මහත් ශක්තියකින් තමන් තුළටම පුපුරා යනවා. දෘෂ්ඨි මායාවක් බවට ස්ථිර හැඟීමක්
තිබුනත් අඩු තරමේ මම විශ්වාස කරන්න කැමති වුනා ඒ මම දකින්නේ තාරකාවක මියයාම බව.
ඒ මොහොතේ
දී, මට සිහිපත්
වුනා මම බලා සිටින්නේ අතීතය දෙස බව. රාත්‍රී ආකාශය දෙසට ඔබ නෙත් හරවන ඔබ හැමවිටම
දකින්නේ අතීතය. සමහරවිට වසර මිලියන ගණනක අතීතය. ඔබ බලාසිටින්නේ අභ්‍යවකාශ සුසාන
භූමියක් දෙස. දීප්තිමත්ව ඔබේ ඇස් ඉදිරිපිට දැල්වෙන තාරකාවක් මේ වනවිට මිය ගොස්
ඇතිවා වෙන්නට පුළුවන්.
ග්‍රීක, ඊජිප්තු, ස්කැන්ඩිනේවියානු මිත්‍යා කථාන්තර වල ජීවත්වුනු වීරයන් මනුෂ්‍ය ලෝකයේ
තමන්ගේ වීර චාරිකාවන් අවසන් කලාට පසුව, දෙවිවරැන් ඔවුන්ව
අහසේ සදහටම දීප්තිමත් තාරකා ලෙස සටහන් කරනවා. පර්සියුස් සහ ඇන්ඩ්‍රොමීඩා, එලෙස ග්‍රීක දෙවිවරැන් විසින් අහසේ තරැ රටා ලෙස සටහන් කර තැබුවා. මෙහි
අර්ථය ඔවුන් සදාකාලික බව. අතීත ශිෂ්ඨාචාරයන්ගේ විශ්වාසය වූයේ අහසේ දිදුලන තරැ,
සදාකාලික බව... සදාතනිකත්වය
හැමදාකමත් මිනිසාගේ අවිඥාණයේ සැඟවුනු ප්‍රාර්ථනාවක් වූවා.
“"සදාතනික
කිසිවක් නැහැ..."අතීතයේ මියගොස් තවමත් අහසේ දීප්තිමත්ව ගිනිගෙන දැවෙන තරැ,
නිහඬවම පවසනවා. “Memento Mori…” මම ඉහලාකාශයේ විසිරැණු තරැ
රටාවන්ට මිමිණුවා... ”මතක තබාගනු, දිනක ඔබ මිය යනු ඇත..."
"The Starry Night". Vince Van Gogh
" වසර මිලියන ගණනාවක් සෙමින් දැවෙමින් දීප්තියෙන් දැල්වුනු වෙහෙසට පත් දැවැන්ත තාරකාවක්..."
ReplyDeleteඔබ හරි!
" සමහරවිට වසර මිලියන ගණනක අතීතය. ඔබ බලාසිටින්නේ අභ්‍යවකාශ සුසාන භූමියක් දෙස. දීප්තිමත්ව ඔබේ ඇස් ඉදිරිපිට දැල්වෙන තාරකාවක් මේ වනවිට මිය ගොස් ඇතිවා වෙන්නට පුළුවන්..."
ඒක නම් ඇත්ත. අපිට සාපේක්ෂව මේ මොහොතේ දිලෙන තරුව , ඇයට සාපේක්ෂව මීට කලකට ඉහත මිය ගිහින් බව ලෝකයට සාපේක්ෂව අසත්‍යයක් වෙන්න පුලුවන් !
යලි ඉපදීමක් වෙන්න පුලුවන් යයි හිතන එකත් සාපේක්ෂතාවාදයටත් ආලෝක වර්ෂ වලටත් කරපු ලොකු අගෞරවයක්!
ඔබේ සටහන කියවන පළමු දවස අද, ඉහළ පෙනෙනවා මගෙ ප්‍රථම කමෙන්ට් එක.
ReplyDeleteඔය උඩහින් තියන ඔබගෙ විස්තරේ වටේ තියන තද කොටුව හරි නැහැ , ඔබ කොටුවක් ඇතුළෙ නැහැය් හිතෙන නිසා
:-D
මාරයි..!
ReplyDeleteවිනාඩි ගානකට මාව සීතල කාමරේ කැරකෙන පුටුවෙන් උස්සලා අරගෙන, අප්‍රිකාවේ ගන කැලේක රූස්ස ගහක මුදුනටම වෙලා හොඳට බඩ පුරෝගෙන අහස දිහා බලාගෙන ඉන්න වඳුරු මොටෙක් බවට පත්කලා...
හරි අපූරු ලියවිල්ලක්
ReplyDeleteහරිම ලස්සනය වචන ටික මහත්තයෝ.., මට අපේ හසන්ත මහත්තයාව මතක් වෙනවා, දොරමඩලාවේ ඉන්න..!
ReplyDeleteඅහසෙ තරු හැමවිටම කෙනෙක්ව අළුත් කරනවා කිසි ලෝබකමක් නැතිවම. ඒක හරියට මත්වීම වගේ දෙයක් වෙනවා පුරුදුකාරයෙක්ට. ඔළුවෙ තියෙන විකාර සේරම පැත්තක තියලා විශ්වය තමන් වටේ කැරකෙන මිනිත්තු කීපයක් ආශ්වාදය කරන එක අවසානයේ නොදැනීම අපි අළුත් මිනිහෙක් වෙනවා. උඹට මතක ඇති අර අවස්ථිතියෙන් මිදී කතාව නේ....
ReplyDeleteරසයි බන්...
ReplyDelete@ Anonymous
ReplyDeleteස්තුතියි.
@ Beetle
උඹ ලස්සනට කිවුවා ඒක. ටිකක් ප්ලොට් එක වෙනස් වුනත් මටත් ඔය ෆීලින්ග් එකම දැනුනේ. :)
@ Hasitha
ස්තුතියි සහෝදරයා.
@ hare :-)
ඔව්. මචන්. මම හැමවෙලේම කියන්නේ සයිකෙඩලික් අත්දැකීම් කියන්නේ මෙන්න මේවට. මලක් ගහන එකෙන් නැතිනම් වෙන සයිකෙඩෙලික් ඩ්‍රග් එකකිනුත් මේ වගේම හැඟීම් වල උත්කර්ෂයක් ඇතිකරන එක තමා වෙන්නේ. සෙට් වුනහම තව කතා කරමු.
@ සාතන්
උඹට රස නම්, උඹ වින්ද නම් එච්චරයි. ස්තුතියි
තාරකා පිරුන අහස දිහා බලන් ඉන්න එක මම කැමතිම වැඩක්.ඒත් ඒ කිසිම අවස්තාවක මට හිතුනෙ නෑ මං මේ බලන් ඉන්නෙ අතීතය දිහා කියලා.අලුත් දැකීමක් ඒක.
ReplyDeleteඅභ්‍යවකාශය කියන්නෙ සුසානයක් බව කවමදාවත් මට නොහිතුණේ ඇයි? මම තවමත් කල්පනා කරන්නෙ ඒ ගැන
ReplyDelete