එකමත්
එක රටක හිටි ජැක් කිසිදු විශේෂත්වයක් හෝ විශේෂ හැකියාවක් නැති බොහොම සාමාන්‍ය කොලු
ගැටයෙක්. ජැක්ගේ පියා නොමැති අතර,
වැන්දඹු මව සහ ජැක් ඉතාමත් අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නේ පවුලේ
එකම වත්කම ලෙසින් සැලකිය හැකි එළදෙනගේ කිරි විකිණීමෙන්.
එක්
දිනකදී මේ එළදෙන කිරි දීම නවත්වනවා. ජැක් සහ මවට තිබූ එකම ආදායම් මාර්ගයද අහිමි
වනවා. මේ නිසා වෙනත් කිරීමට දෙයක් නොමැති තැන මව විසින් ජැක්ව වෙළෙඳපොලට යවන්නේ
එළදෙනව විකුණා මුදල් රැගෙන එන ලෙස පවසමින්.
එළදෙනවද
රැගෙන වෙළෙඳපොලට යන ජැක්ට මුණ ගැහෙන්නේ වයසක මනුෂ්‍යයෙක්. ඔහු ජැක්ට යෝජනා කරන්නේ
එළදෙනව ඔහුට විකුණන ලෙසයි. එසේ වුවත් තමා සන්තකයේ මුදල් නැති බැවින් හිලව්වට මායා
බෝංචි ඇට කිහිපයක් ඔහු ජැක්ට ලබාදෙනවා. මෙයත් රුගෙන ගෙදර යන ජැක් මවගෙන් නොසෑහෙනට
බැණුම් අසා ගන්නවා. මායා බෝංචි ඇට මිදුලට විසිකර දැමෙනවා. ජැක්ට රාත්‍රී ආහාරය පවා
නොමැතිව නින්දට යන්නට සිදුවනවා.
පසුදිනයේ
අවදිවන ජැක් දකින්නේ ගෙමිදුලෙන් ඇරඹී අහස උසට නොපෙනෙන තෙක් විහිදී ගිය දැවැන්ත
බෝංචි වැලක්. මේ සැබවින්ම මායා බෝංචි ඇට. ජැක් බෝංචි වැල තරණය කරන්නට පටන් ගන්නවා.
වලාකුලු වලිනුත් එහාට,
බෝංචි වැල දිගේ නැඟ යන ජැක් අවසානයේ අද්භූත දේශයකට පැමිණෙනවා.
එහිදී මහා මාළිගාවක් ඉදිරිපිටට යන ජැක් එය යෝධයෙකුගේ වාසභවනය බව දැනගන්නවා.ජැක්
යෝධයාගේ බිරිඳගෙන් කෑමට යමක් ඉල්ලා සිටින අතර, ඇය ඔහුට
කෑම දී වැඩ කරන්නට සලස්වනවා. එවිට යෝධයා පැමිණෙනවා, ජැක්
සැඟවෙනවා. යෝධයා ආහාර ගෙන නිදාගන්නා මොහොතේදී ජැක් පැන යන්නේ යෝධයාගේ රත්රන් කාසි
මල්ලද රැගෙනයි. මායා බෝංචි වැල දිගේ පහතට බසින ජැක් නිරුපද්‍රිතව ගෙදර එනවා.
කෙතරම්
භයානක කර්තව්‍යයක් වුවත් ජැක් නැවතත් මායා බෝංචි වැල දිගේ නැඟ යෝධයාගේ නිවසට යනවා.
යෝධයාගේ බිරිය ඔහු ගැන සැක කළත් ඔහුට කෑමට යමක් දී වැඩ පවරනවා. දෙවන වරට ජැක්
සොරකම් කරන්නේ යෝධයාගේ 'රත්රන් බිජු දමන කිකිළිය'යි. එහිදි ඔහු අනූ
නවයෙන් බේරී පලා යනවා. තුන්වන වරටද යෝධයාගේ නිවසට යන ජැක්, එවර 'ඉබේ ගීත ගායනා කරනා වීණාව' සොරකම් කරනවා. එහිදී ජැක් පලායන්නට කලින් යෝධයා අවදි වෙනවා. ජැක් මායා
බෝංචි වැල දිගේ පහතට බසිනවා. කෙසේ හෝ යෝධයා බෝංචි වැල දිගේ පහතට එන්නට කලින් නිවසට
සේන්දු වන ජැක්, වහාම පොරව ගෙන මායා බෝංචි වැල කපා දමනවා.
යෝධයා බිමට වැටී මිය යනවා. ජැක් සහ මව, තමන්ට උරුම වූ
වටිනා වස්තූන් සමගින් සතුටින් ජීවත් වනවා!
ඉන්
පසුව ජැක්ට සහ ජැක්ගේ මවට සිදුවූයේ කුමක්ද?
එසේත් නැතිනම් පාසැල් කාලයේදී කථාවක් කියා අවසානයේ අසන පරිදි
ජැක් සහ මායා බෝංචි වැල කථාවේ ඔබට ඇති ආදර්ශය කුමක්ද? හරය
කුමක්ද? සැබවින්ම එහි ආදර්ශයක් හෝ හරයක් තිබේද?
බොහෝ
විට ජැක් සහ බෝංචි වැල කථාවෙන් 'ඔබේ හදවත අනුගමනය කරන්න' හෝ 'ධෛර්යය සම්පන්න පුද්ගලයා හට ජයගැනීමට නොහැක්කක් නොමැත' වැනි ආදර්ශයන් උගන්වන බවක් ප්‍රකාශ වෙයි.එනමුත් සැබවින්ම ජැක් සහ බෝංචි
වැල කථාව සලකා බැලූ විට, වඩාත් පැහැදිලිව ජැක් ගේ චරිතය
සලකා බැලූ විට ඔහු වීරයෙකුට වඩා මුලින් මෝඩයෙකු සහ ඉන්පසුව ද්‍රෝහියෙකු වන බව
දැකිය හැක.
මුලින්ම
ඔහු තමන්ගේ එළදෙනව පාරේදී මුණගැසෙන පුද්ගලයෙකුගේ කීමට, මායා බෝංචි
ඇට කිහිපයක් සඳහා හුවමාරු කරයි. එහිදී ඒවා සැබවින්ම මායා බෝංචි ඇට වීමට වඩා නොවීම
සඳහා සම්භාවිතාවක් ඇති අතර, කථාවේදී සැකයේ වාසිය
ආගන්තුකයාට ලබාදී ඒවා සැබවින්ම මායා බෝංචි බව සුරංගනා කථා රචකයා විසින් ප්‍රකාශ
කොට සිටියත්, එයින් ජැක්ගේ ක්රියාවේ මුග්ධ බව නැති නොවේ.
එසේම
ජැක් විසින් යෝධයාගේ බිරිඳගේ ආගන්තුක සත්කාරයට ද්‍රෝහි වී ගෙහිමියාගෙන් සොරකම්
කිරීමද, අවසානයේ ගෙහිමියාව මරා දැමීමද ජැක්ව වීරයෙකුට වඩා බියසුළු ද්‍රෝහියෙකු
ලෙසින් හුවා දක්වයි. මුල් වතාවේ ගෙන එන රන් කාසි සියල්ල වැය කර, ඉන්පසුව ජැක් නැවත නැවතත් යෝධයාගේ වස්තුව සොරකම් කිරීමට පෙළැඹෙයි.
මේ
නිසා ජැක් සහ මායා බෝංචි වැල කතාවේ වඩාත් දේශපාලනිකව නිවැරදි සංස්කරණයක්ද එළි
දැක්වුණි. එම කථාවේ ආකාරයට සැබවින්ම යෝධයාගේ වාසභවනය අයත් වන්නේ ජැක්ගේ පියාටයි.
එසේම රන් කාසි මල්ල,
රන් බිජු දමනා කිකිළිය සහ ඉබේ ගී ගයන වීණාවද ජැක්ගේ පියාට අයත්
වස්තූන් වෙයි. ජැක් කුඩා කාලයේදීම මෙම ආක්රමණික යෝධයා පැමිණ ජැක්ගේ පියාව මරා
දමයි. ජැක්ගේ මව ලදරු ජැක්වද රුගෙන පලා යයි. ඉන්පසුව මෙම සිද්ධියෙන් ඇතිවන කම්පනය
නිසා ජැක්ගේ මවට අතීතය අමතක වී යයි. යෝධයා ජැක්ගේ පියාගේ මාලිගාව සිය වාසභවනය කර
ගනී. නොදැනුවත්වම හෝ ජැක් විසින් සිදු
කරන්නේ තමන්ගේ උරුමය ලබා ගැනීම සහ තම පියා මැරූ පළිය ගැනීමයි.එය හෙළිදරව් වන්නේ
අවසානයේ ජැක්ගේ මවට සියල්ල සිහිපත් වීමත් සමගයි. මෙම දේශපාලනිකව නිවැරදි කිරීම්
සහිත කථාවෙන්, ජැක් හට ප්‍රවේශම් සහිතව නැවතත් වීරයාගේ
භූමිකාවට අවතීර්ණ වීමට ඉඩ සැළසෙයි.
මෙහේ වෙන්නේත් මෙහෙම නෙවෙයිද?
පැතුම්
පුංචිහේවා